tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

Udugoda Nawarathna- kaasi, කාසි, උදුගොඩ නවරත්න,


උදුගොඩ නවරත්න, කාසි, සිංහල කවි

කාසිය නිසා හෙතෙමේ නැවතුම් නැතුව සෙලවේ

කාසි 



මහරජුනගෙ මෙන්ම -නිවට කැත යදියන ගෙද 
පහස ලබනා එකියකි -කාසිය යනු ඇගේ නම 

කාසියක ඇත්තේ- මුහුණු එක නැතහොත් දෙක 
එහෙත් අත් දහයකි -කකුල් කෝටියකටත් වැඩිය 

සුන්දර සුරපුරය- මෙන් රුදුරු අවපුරයද 
කාසියක මැද්දෙන් -එක්වර බැලිය හැකි වේ 

මිනිසා විසින් ලොව -සොලවනු ලැබේ ඉදහිට 
කාසිය නිසා හෙතෙමේ -නැවතුම් නැතුව සෙලවේ 

බල්ල්ලොත් නොකන මුත් -කාසිය නිසා මිනිසකු 
බල්ලකු වීම සදහා වැඩි කාලයක් නොයැවේ 

කාසි සෑදෙන්නේ- රනින් රිදියෙන් තඹයෙන්  
කරදාසියෙන් හෝ නොව -දහදියෙනි මිනිසුන්ගේ 

උදුගොඩ නවරත්න