tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

Gunadasa Amarasekara , adura saha biya , ගුණදාස අමරසේකර , අඳුර සහ බිය


Gunadasa Amarasekara, සිංහල කවි

අඳුර සහ බිය

ගුණදාස අමරසේකර තෝරාගත් පැදි. 
පහත දැක්වෙන්නේ අමරසේකර ලියූ 'අඳුර සහ බිය ' යන පද්‍ය පන්තියෙන් තෝරාගත් පැදි කිහිපයකි. 


අඳුර සහ බිය 

රබර් ගස්වල මුදුන් මහ කිතුලෙ හේඩාව 
අඬාගෙන ඇද වැටෙන දොළ අයිනෙ උන පඳුර 
තාත්තගෙ සොහොන් කොත වසාගෙන එන අඳුර 
ගලා එන විලාසය මසිත බියලන සුලුය 

ළිද ගාව මම නෑවෙ වැටකෙයිය හේඩාවෙ 
දවල් කොහොමද කියා සිතීමට මට බැරිය 
ගන අදුර ,ගන අදුර ,මහ කිතුලෙ පිළි සමග 
අපව ගිලගන්න එන උන පදුර හා එක්ව 

දොළ අයිනෙ ගල ගාව මේ වෙලෙහි ගන අදුර 
එයම නේ පිළිකන්න වසාගෙන මේ එන්නේ 
ගල් ගහන තනිකම්ද දොළ ඉහළ මහ වහන 
මේ අඳුර  , දැන් ඇවිත් මෙන්න මගෙ අතගාව 

ගුණදාස අමරසේකර