tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

ඔටුන්න හිමිකුමරා පළමුවරට මහජනයා හමුවට - Gossip Lanka News


Gossip Lanka News
ඔටුන්න හිමිකුමරා පළමුවරට මහජනයා හමුවට

 කේම්බ්‍රිජ් ආදිපාද යුවළ වන විලියම් හා කේට් සිය කුළුඳුල් දරුවා සමග පළමු වරට මහජනයා හමුවට පැමිණ තිබේ.ඊයේ (23) බ්‍රිතාන්‍ය වේලාවෙන් ප.ව. 7.15ට පමණ බටහිර ලන්ඩනයේ සාන්ත මේරි රෝහලෙන් පිටතට ආ ඔවුන්, රාජකීය පවුලේ අළුත්ම සාමාජිකයා දැකබලා ගැනීමට රොක් වූ මහජනයා හා මාධ්‍යෙව්දීන් සමග කතාබස් කර තිබේ.


 තවමත් සිය බිළිඳාට නමක් යොදා නැති බවත්, මෙය මුළු පවුලටම සුවිශේෂී හා සංවේදී අවස්ථාවක් බවත් ඔවුන් මෙහිදී පවසා තිබේ.පසුව ඔවුන් කෙන්සින්ටන් මාළිගය වෙත ගොස් ඇති අතර, එය අවටද ජනකායක් රොක් ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.

 කේම්බ්‍රිජ් හි කුමාරයා ලෙසින් හැඳින්වෙන ඊයේ උපත ලැබූ බ්‍රිතාන්‍ය රාජකීය බිලිඳා ගේ උපත සැමරීමට බ්‍රිතාන්‍ය හමුදාව ලන්ඩන් නුවර ආචාර වෙඩි මුර පැවැත්වුන අතර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ සිනු නාද කෙරිණ.බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයාට සහ කේට් කුමරියට දාව සඳුදා සවස් යාමයේ කුමාරයෙකු උපත ලැබීම සැමරීම පිණිස බ්‍රිතාන්‍යය පුරා මෙන්ම ලොව නොයෙකුත් ප්‍රදේශ වලද උත්සව සංවිධානය කොට තිබුණි.
 චාර්ල්ස් කුමාරයා සහ විලියම් කුමාරයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි වීමට නියමිතව සිටින්නේ අලුත උපන් බිළිඳායි.
Gossip Lanka News