tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

පාසල් දැරියක් දූෂණය කළ හමුදා නිලධාරියා රිමාන්ඩ්


පාසල් දැරියක් දූෂණය කළ හමුදා නිලධාරියා රිමාන්ඩ්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජුනි 7 සිකුරාදා - 17:19 GMT

Sri Lanka army
හමුදා නිලධාරීන් මෙවැනි අපරාධ සිදුකරද්දී සිය ජීවිත ආරක්ෂාව පිලිබඳව බියෙන් පසුවන බව ප්‍රදේශවාසීහු පවසති

වවුනියාවේ නෙදුන්කර්නි කනිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හත් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීම පිළිබඳව චෝදනා ලබා සිටින හමුදා කෝප්‍රල්වරයකු දූෂණයට ලක්වූ දැරිය විසින් හඳුනා ගනු ලැබිණ.
වවුනියාව දිස්ත්‍රික් උසාවියේදී පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී සැකකරු හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට දිසා විනිසුරුවරයා නියෝග කළේය.
සැකකරු නෙදුන්කර්නි පළාතේ හමුදා කඳවුරක සේවය කරන හමුදා නිලධාරියකු වුවද ඔහු දැරියට පවසා ඇත්තේ තමා පොලිස් නිලධාරියකු බවයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත කරන ලද දීර්ඝ පරීක්ෂණයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි, වවුනියාව පොලීසිය පවසන්නේ.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා සේවයේ යොදවා ඇති හමුදා නිලධාරීන් අතින්ම මෙවැනි අපරාධ සිදුවන බැවින් තමන්ගේ ජීවිත ආරක්ෂාව පිලිබඳවද ප්‍රදේශ වාසීන් තුල බියක් ඇතිවී තිබෙන බව දූෂණයට ලක්වූ දැරියගේ ඥාතියෙක් බීබීසී සංදේශයට පැවසීය.