tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

ළමා දූෂකයන්ට මරණ දඬුවම පැණවීම පිළිබඳව ආණ්ඩුවේ මතභේද


ළමා දූෂකයන්ට මරණ දඬුවම පැණවීම පිළිබඳව ආණ්ඩුවේ මතභේද

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 4 සිකුරාදා - 12:54 GMT

Child abuse
දඬුවම් දැඩි කිරීම මගින් පමණක් අපරාධවලට වැට බැඳිය නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ තර්කයයි
ළමා ලිංගික දූෂකයන්ට පැනවිය යුතු දඬුවම සම්බන්ධයෙන් ආණ්ඩුවේම ආයතන දෙකක් අතර මතභේදයක් හටගෙන තිබේ.

ළමා ලිංගික දූෂකයන්ට මරණ දඬුවම හෝ ඊට ආසන්න දැඩි දඬුවමක් පැනවිය යුතු බව ළමා සහ කාන්තා කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ තර්කයයි.
කෙසේ නමුත් ජනාධිපතිවරයා යටතේ පාලනය වන නීතිපති දෙපාර්තමේන්තුව දරන්නේ ඊට වෙනස් මතයක්.
දෙපාර්ශවය එකිනෙකට පරස්පර මේ අදහස් අද ඉදිරිපත් කළේ ළමා හිංසනයට එරෙහි ජාතික දිනය සැමරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් කොළඹදී සංවිධානය කොට තිබුණු සමුළුවකදී.
එහිදී ආරාධිත අමුත්තාගේ දේශනය පැවැත්වූ ළමා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ළමා හිංසනයට වට බැඳීම සඳහා දැඩි නීති පැණවීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
"අද තරුණ පරම්පරාව වෙනදට වඩා පන්සල් යනවා, හතර පෝයට සිල් ගන්නවා. එහෙම නම් මොනවා හරි එතන අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා ඇමතිවරයා අසරණ වෙලා නිසා තමයි ඔන්න ඔය එල්ලුම් ගහවත් ගෙනල්ල මෙවුන්ව එල්ලල මරන්න කියල ඉල්ලන්නේ"
ළමා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද
"අද තරුණ පරම්පරාව වෙනදට වඩා පන්සල් යනවා, හතර පෝයට සිල් ගන්නවා. එහෙම නම් මොනවා හරි එතන අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා ඇමතිවරයා අසරණ වෙලා නිසා තමයි ඔන්න ඔය එල්ලුම් ගහවත් ගෙනල්ල මෙවුන්ව එල්ලල මරන්න කියල ඉල්ලන්නේ," ඔහු පැවසීය.
කෙසේ නමුත් සමුළුවේ ප්‍රධාන දේශකයා වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලසන්ත කෝදාගොඩ ඒ තර්කයට එකඟ වූයේ නැහැ.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් උදාහරණ ගෙන හැර දැක්වූ ඔහු, එහි සමහර ප්‍රාන්තවල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන බවත්, තවත් ප්‍රාන්ත මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන අතර මරණ දඬුවම ක්‍රියාත්මක කරන ප්‍රාන්තවල මිනීමැරීම් ඇතුළු අපරාධවල අඩුවක් සිදුවී නැති බව පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් දීර්ඝ නඩු විභාග සහ ලිහිල් දඬුවම හේතුවෙන් අපයෝජනයට ගොදුරු වන දරුවා බරපතල මානසික පීඩනයකට මෙන්ම අසාධාරණයක් ද සිදුවන බවයි, අමාත්‍යවරයාගේ තර්කය වී තිබුනේ.