tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

ළමා ලිංගික අධ්‍යාපනයට 'කාම සඟරාත් එක් කරන්න'


ළමා ලිංගික අධ්‍යාපනයට 'කාම සඟරාත් එක් කරන්න'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 24 සිකුරාදා - 12:30 GMT
porn
යොවුන් පරපුරෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය කාම වෙබ් අඩවිවලට පිවිසෙන බව බලධාරීහු පවසති

පාසල් පන්ති කාමර තුළ ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී, අන්තර්ජාලයේ පළවෙන අසභ්‍ය කාම වෙබ් අඩවිවලට පිවිසීම ගැන සාකච්ඡාවන් ද ඊට එක්කළ යුතුව ඇතැයි, බ්‍රිතාන්‍යයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ළමා ආයතනයක ප්‍රධානියෙක් පවසයි.
එම අදහස පළ කරනු ලැබ තිබෙන්නේ,එංගලන්තයේ ළමා කටයුතු භාර කොමසාරිස් මැගී ඇට්කින්සන් (Maggie Atkinson) විසින්.
මැගී ඇට්කින්සන් කොමසාරිස්වරිය පෙන්වා දෙන්නේ, යොවුන් පරපුරෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය කාම වෙබ් අඩවිවලට පිවිසෙන බවයි.
එවැනි තත්වයක් යටතේ,ළමුන් අන්තර්ජාලයට පිවිසීමේදී එය ආරක්ෂාකාරීව ප්‍රවේශමෙන් පාවිච්චි කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කළ යුතුව ඇති බවයි, එංගලන්තයේ ළමා කටයුතු භාර කොමසාරිස් මැගී ඇට්කින්සන් පවසන්නේ.
අදාළ කාරණය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන එංගලන්තයේ ළමා කොමසාරිස්වරිය, ළමුන් විසින් අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ අසභ්‍ය කාම දර්ශන නරඹනු ලැබීම, එම දරුවන් යොවුන් වියේදීම ලිංගික සම්බන්ධතා කෙරෙහි යොමු වීම ,නිදැල්ලේ සිදුකෙරෙන ලිංගික ක්‍රියා වැඩි වීම සහ කාන්තාවන් යනු කාම භාණ්ඩ විශේෂයකැයි අදහසක් ඇතිකර ගැනීම වැනි සමාජ දුර්විපාක වලට හේතු විය හැකි බවයි පෙන්වා දෙන්නේ.