tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

දහ තුනෙන් ඔබ්බට බලය විමධ්‍ය ගත කරන්න-ඉන්දියාව


දහ තුනෙන් ඔබ්බට බලය විමධ්‍ය ගත කරන්න-ඉන්දියාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 9 අඟහරුවාදා - 18:10 GMT
presidient mahinda rajapaksha with advisior menon
ඉන්දීය ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශිව ෂන්කර් මෙනන් ජනාධිපති මහින්ද රාජපක්ෂ,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක අර් .සම්පන්තන් මුන ගැසී තිබේ.

ජාතික ගැටළුවට ඉක්මන් විසඳුමක් සොයා ගැනීම ඉන්දියාවටත්, ජාත්‍යන්තර ප්‍රජාවටත් පොරොන්දු වූ පරිදි දහ තුන්වැනි ව්‍යවස්ථා සංඛ ශෝධනය ඉක්මවා යන පරිද්දෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලය විමධ්‍ය කරනු ඇතැයි සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය කියා සිටී.
දහ තුන් වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ දී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම වඩාත් උචිත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශිව ෂන්කර් මෙනන් එකඟ වූ බව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිළ වෙබ් අඩවිය කියා සිටී.