Sri Lanka's No 1 premium photo gallery.. hot gossip.nawakaya,muthuvision,srilankan hot models, srilankan hot gossip,lanka actress,welakathablog,gossip lanka,gossip news,gossiplanka actress,hot sri lankan gossips,gossip lanka photo gallery,
බුද්ධගයා ප්‍රහාරයට තව 6 දෙනකු සොයයි
බුද්ධගයා ප්‍රහාරයට තව 6 දෙනකු සොයයි
කීර්ති වර්ණකුලසූරිය
බුද්ධගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්‌තවාදීන් සිවුරු පොරවාගෙන භික්‍ෂූන්වහන්සේලාගේ වෙස්‌ගෙන එම ස්‌ථානයට පැමිණ ඇති අතර ඊට සම්බන්ධ තවත් ත්‍රස්‌තවාදීන් හයදෙනකු පිළිබඳව විශේෂ විමර්ශන කණ්‌ඩායමක් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
ත්‍රස්‌තවාදීන් පොරවාගෙන ආ බවට සැක කෙරෙන සිව්රු තුනක් සහ ඔවුන් පරිහරණය කළ ජංගම දුරකථනයක්, සිම්කාඩ්පතක් හා බෑගයක් ආරක්‍ෂක අංශ මගින් සොයාගෙන ඇත.
බුද්ධගයා ප්‍රදේශයේ සවිකර තිබූ වීඩියෝ කැමරා පද්ධති 22 න් 16 ක සටහන්ව තිබූ වීඩියෝ දර්ශන නිරීක්‍ෂණයට ලක්‌කිරීමෙන් මොවුන් ගැන තොරතුරු හෙළිවී තිබේ.
මෙම ජංගම දුරකථන සිම්පතින් නවදිල්ලියට හා මුම්බායි නගරවලට ඇමතුම් ගෙන ඇතැයි හෙළි වී තිබේ.
බුද්ධගයාවේ මහාබෝධි විහාර සංකීර්ණයේ පිහිටි බුද්ධ ප්‍රතිමාව පුපුරුවාහැරීම සඳහා ත්‍රස්‌තයන් එම ප්‍රතිමාව සමීපයේ බෝම්බයක් අටවා තිබූ අතර එම බෝම්බයට සම්බන්ධ කර තිබූ ඔරලෝසුව කැඩීයැම නිසා එය ක්‍රියාත්මක වී නැත.
බුද්ධගයාවේ අටවා තිබූ තවත් බෝම්බයක් පිපිරීමෙන් ඇති වූ කම්පනයට බුද්ධ ප්‍රතිමාව අසල තිබූ බෝම්බයේ ඔරලෝසුව කැඩී තිබේ.
බුද්ධගයාවේ බෝම්බ 13 ක් තැන්පත් කර තිබූ බවත් ඉන් දෙකක් නිෂ්ක්‍රීය කරන ලද බවත් පොලිසිය කියයි.
නවදිල්ලියේ සිට පැමිණි විශේෂ විමර්ශන කණ්‌ඩායම ඊයේ (9 දා) බෝම්බ තැන්පත් කර තිබූ ස්‌ථාන දැක්‌වෙන ලියවිල්ලක් කිලෝමීටරයක් ඈත ප්‍රදේශයක තිබී සොයාගෙන ඇත.
ඓතිහාසික බුද්ධගයාව යළි විවෘත කර ඇති අතර රටවල් 50 ක භික්‍ෂූන්වහන්සේලාගේ මෙහෙයවීමෙන් විවිධ පූජා පවත්වා තිබේ.























