Sri Lanka's No 1 premium photo gallery.. hot gossip.nawakaya,muthuvision,srilankan hot models, srilankan hot gossip,lanka actress,welakathablog,gossip lanka,gossip news,gossiplanka actress,hot sri lankan gossips,gossip lanka photo gallery,
බස් ගාස්‌තු වැඩි නොකළ හේතුවෙන් රට පුරා අද රෑ 12 සිට ප්‍රයිවෙට් බස් වර්ජන
රට පුරා අද රෑ 12 සිට ප්‍රයිවෙට් බස් වර්ජන
අකිත පෙරේරා
දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනයක් අද (10 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
බස් ගාස්‌තු සංශෝධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියට අනුව පසුගිය 01 වැනිදා සිට බස් ගාස්‌තුව ඉහළ දැමිය යුතු වුවද රජය මෙතෙක් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වර්ජනය ඇරැඹේ.
පෞද්ගලික බස් ගාස්‌තු වැඩි කිරීමට රජය සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද බස් ගාස්‌තු ඉහළ දැමීමට රජය මෙතෙක් පියවර නොගත් නිසා මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පැවසීය.
ඒ අනුව සිය සංගමයේ සාමාජිකත්වය දරන සියලුම බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වන බව ද ඒ පිළිබඳව සියලු සාමාජිකයන් දැනුවත් කළ බව ද හෙතෙම ඊයේ (09 දා) දහවල් "දිවයින" ට පැවසීය.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට අකුල් හෙළන්නේ නැති බව සමස්‌ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා "දිවයින" ට ඊයේ දහවල් පැවසීය.
කෙසේ වෙතත් ඒ පිළිබඳව අවසන් තීරණයකට එළැඹීම සඳහා සිය බස් සංගමයේ විධායක සංගමය අද දහවල් රැස්‌වන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.























